රන්ජන් 'පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානය'ට යොමු කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
12

රන්ජන් 'පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානය'ට යොමු කරයි

රන්ජන් 'පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානය'ට යොමු කරයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වු බරපතල වැඩ සහිත වසර 4ක සිර දඬුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මීගමුව - පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයට යොමු කර තිබෙනවා.

 

පසුගිය 2017 අගෝස්තු මස 21 වන දින අරලියගහ මන්දිරයේ දී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයනේ පැවැති සාකච්ඡාවකින් පසුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශයක් කර තිබුණා.

 

රන්ජන් රාමනායක මහතා එම ප්‍රකාශයෙන් අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා තිබෙන විශ්වාසය පළුදු කිරීමට ක්‍රියාකර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වනවා.

 

ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙස විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරි සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වග උත්තරකාර රන්ජන් රාමනායක මහතාට එරෙහිව එම චෝදනා පත්‍රය ඉදිරිපත් පැමිණිල්ල තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණා.

 

 

views

638 Views

Comments

arrow-up