අනියම්පෙම ගොළුවී විවාහකයා සියදිවි නසාගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
27

අනියම්පෙම ගොළුවී විවාහකයා සියදිවි නසාගනී

අනියම්පෙම ගොළුවී විවාහකයා සියදිවි නසාගනී

අනියම් පෙම්වතිය තම ඇමතුම්වලට ප‍්‍රතිචාර නොදැක්වී යැයි සිත්තැව්ලට පත් 20 හැවිරිදි විවාහක පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන ඇතැයි මහරගම පොලිසිය පවසයි.

 

කුළුබඩු නිෂ්පාදන ආයතනයක මුදල් අයකැමියෙකු ලෙස සේවය කළ උඩුපුස්සැල්ලාව මාලියද්ද ප‍්‍රදේශයේ පදිංචි හේරත් මුදියන්සේලාගේ හේරත් නමැති අයෙක් මෙසේ මියගොස් ඇත.

 

මීට මාස කිහිපයකට පෙරාතුව ඉහත ආයතනයේ සේවයට පැමිණ ඔහු මෙම පෙම්වතිය සමඟ පේ‍්‍රම සම්බන්ධය පවත්වාගෙන ගොස් තිබූ අතර පසුව පෙම්වතිය විදේශගතවී තිබේ. 

 

ඇයට දුරකථන ඇමතුම් ලබාගත්තද ඇය ඊට ප‍්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මියගිය අය බලවත් සිත්තැව්ලට පත්ව සිටි බවට තොරතුරු අනාවරණය වී ඇතිබව මහරගම පොලිසිය පවසයි.

 

මියගිය අය ගොඩිගමුව ප‍්‍රදේශයේ නිවසක තාවකාලිකව පදිංචිව සිටියදී එම නිවස තුළදී මෙසේ ගෙල වැලලාගෙන ඇතැයි පවසන පොලිසිය මියගිය තරුණයාගේ දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා කළුබෝවිල රෝහල වෙත යොමුකර තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජනකාන්ත මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

views

1042 Views

Comments

arrow-up