අධිරජුගේ සාදයේදී ආහාර සහ පාන වර්ග ලබානොදීමට තීරණයක්

නරුහිතෝ අධිරාජ්‍යයා සහ මසකෝ අධිරාජිනිය විසින් මැයි 11 වන දින ආකාසකා ඉම්පීරියල් උද්‍යානයේ දී සාදයක් පැවැත්වීමට නියමිතයි.
මෙහිදී අමුත්තන්ට සාමාන්‍යයෙන් සැන්ඩ්විච් සහ වෙනත් ප්‍රණීත ආහාර ලබා දෙන අතර ඉම්පීරියල් ස්ටොක් ෆාම් හි ඇති දැඩි කරන ලද බැටළුවන්ගෙන් ග්‍රිල් කරන ලද එළුමස් ද සංග්‍රහ කරයි. එමෙන්ම සාදයේදී බියර් සහ වෙනත් මධ්‍යසාර පාන වර්ග ද පිරිනමයි.
කෙසේවෙතත් කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගෙන මෙවර සාදයේදී කිසිදු ආහාරයක් හෝ මත්පැන් ලබා නොදෙන බව වාර්තා වේ.
නමුත් අමුත්තන්ට අධිරාජ්‍යයා, අධිරාජිනිය සහ අධිරාජ්‍ය පවුලේ අනෙකුත් සාමාජිකයන් සමඟ කතාබස් කිරීමට අවස්ථාව ලැබේ.
248 Views
Comments