මත්පැන් විෂ වී මියගිය සිසුවාගේ දෙමව්පියන්ට යෙන් මිලියන 105ක වන්දි‍යක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

මත්පැන් විෂ වී මියගිය සිසුවාගේ දෙමව්පියන්ට යෙන් මිලියන 105ක වන්දි‍යක්

මත්පැන් විෂ වී මියගිය සිසුවාගේ දෙමව්පියන්ට යෙන් මිලියන 105ක වන්දි‍යක්

2017 දී සමාජ ශාලාවකදී මත්පැන් පානය කිරීමෙන් පසු මිය ගිය කිංකි විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ශිෂ්‍යයාගේ නඩුව Osaka දිස්ත්‍රික් උසාවිය හමුවේ ඊයේ (31) කැඳවිය.


එහිදී මියගිය සිසුවාගේ දෙමව්පියන් සිද්ධියට සම්බන්ධ සිසුන් 18 දෙනෙකුගෙන් යෙන් මිලියන 105 ක පමණ වන්දියක් ඉල්ලා සිටි අතර අධිකරණය විසින් සිසුන් 16 දෙනෙකුට වන්දි ගෙවන ලෙස නියෝග කෙරුණි.


2017 වසරේදී ඕසකා ප්‍රාන්තයේ හිගෂියෝසාකා හි ඉසකායා හි සමාජ ශාලාවක මත්පැන් සාදයකදී අදාල සිසුවා අධික ලෙස මත්පැන් පානය කර තිබුණි.


පසුව මත්පැන් විෂ වීම නිසා සිහිමද තත්ත්වයට පත් වූ ඔහු වෙනත් සිසුවෙකුගේ නිවසට රැගෙන ගියද පසුදා උදෑසන වනතුරුම රෝහලට ගෙන යාමට නොහැකිව මියගොස් තිබුණි. 

views

295 Views

Comments

arrow-up