ක්‍රීම් භාවිතයට ඉඩදෙන්නැයි ජපන් රැඳවියන් ඉල්ලයි

රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින පිරිමින්ට ක්‍රීම් වර්ග මිලදී ගැනීමට ඉඩ නොදීම මානව හිමිකම් කඩකිරීමක් බවත්, කාන්තාවන්ට පමණක් සීමා වූ වත්මන් රෙගුලාසි සමාලෝචනය කරන ලෙස අධිකරණ අමාත්‍ය සයිටෝට නිර්දේශ කර ඇති බවත් ඕසකා නීතිඥ සංගමය ඊයේ (31) නිවේදනය කළේය.
අධිකරණ අමාත්‍යංශයේ නියෝග මගින් රැඳවුම් මධ්‍යස්ථානවල සහ බන්ධනාගාරවල සිටින රැඳවියන්ට ස්ත්‍රී පුරුෂ භාවය අනුව භාවිත කළ හැකි ද්‍රව්‍ය නියම කෙරේ.
කොණ්ඩා මෝස්තර නිෂ්පාදන වැනි දෛනික අවශ්‍යතා ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා තම වියදමින් මිලදී ගත හැකි නමුත් ක්‍රීම් වර්ග, කොණ්ඩ කටු සහ ස්කාෆ් භාවිතා කිරීම කාන්තාවන්ට පමණක් සීමා වේ.
244 Views
Comments