JUN
25
ඔකිනාවා සටනට වසර 78 ක් සපිරේ

ජපානයේ දකුණු ප්‍රදේශයේ ඔකිනාවා ප්‍රාන්තයේ ජනතාව දෙවන ලෝක සංග්‍රාමයේ මාරාන්තික සටනක් වූ ඔකිනාවා සටනේ 78 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය.
අවසාන සටන සිදුවූ ඉටෝමන් නගරයේ සාම අනුස්මරණ උද්‍යානයේ දී සැමරුම් උත්සවය පැවැත්විණි.
මෙම උත්සවයට සියගණනක් ජනතාව සහභාගී වූ අතර එහිදී ඔවුන් මියගිය අය සිහිපත් කරමින් මොහොතක නිශ්ශබ්දවතාවයක් ද පැවැත්වීය.
අධිරාජ්‍ය ජපන් හමුදාව සහ එක්සත් ජනපද හමුදාව අතර පැවති මෙම සටනින් ජීවිත 200,000 කට වඩා අහිමි විය.
256 Views
Comments