JUN
18
යකඩ පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කළ අයෙක් කොටුවේ

පසුගිය පෙබරවාරි මාසයේදී කනගාවා ප්‍රාන්තයේ ෆුජිසාවා නගරයේ නිෂිටෝමි හි පදිංචි ටෙට්සුජිරෝ ෂිබාටා නම් පුද්ගලයෙක් යොකොහාමා නගරයේ ටොට්සුකා වෝඩ්හි වීදියකදී යකඩ පොල්ලකින් පහර කෑමට ලක්ව ජීවිතක්ෂයට පත්විය.
ඔහුව ඝාතනය කළ බවට සැකපිට ෂිජියෝ හැටෝරි නම් පුද්ගලයෙක් පසුගිය දිනක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය වූ ස්ථානය අවට ආරක්‍ෂිත කැමරා වල දර්ශනවලින් සැකකාර හැටෝරි සොයාගත් බව පොලිසිය පවසයි.
293 Views
Comments