JUN
18
ට්‍රක් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

අද (18) පෙ.ව. 7.45 ට පමණ Toyama ප්‍රාන්තයේ Nanto නගරයේ Tajiri හි Tokai-Hokuriku අධිවේගී මාර්ගයේ ට්‍රක් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
ට්‍රක් රථ දෙකෙහිම පිරිමි රියදුරන් දෙදෙනා රෝහලට ගෙන ගිය අතර එහිදී ඔවුන් මිය ගිය බව ප්‍රකාශ විය.
ටොයාමා ප්‍රාන්ත පොලිස් මහාමාර්ග බලඝණය අනතුරට හේතුව විමර්ශනය කරමින් සිටී.
250 Views
Comments