JUN
18
කාර්යාල සගයාගේ බීම බෝතලයට බ්ලීච් කලවම් කළ පුද්ගලයෙකුට වැඩ වරදී

ඊයේ (17) Tokushima ප්‍රාන්ත පොලිසියේ Komatsushima පොලිස් ස්ථානය විසින් Tokushima ප්‍රාන්තයේ Komatsushima නගරයේ දී 41 හැවිරිදි අර්ධකාලීන සේවකයෙකු සගයෙකුගේ පානයකට බ්ලීච් මිශ්‍ර කිරීම හේතුවෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා ඔහු සේවය කරන සුපිරි වෙළඳසැලේ 20 හැවිරිදි පිරිමි සේවකයෙකු විසින් විවෘත කර තබා ගිය PET බෝතල් පානයකට දියර බ්ලීච් මිශ්‍ර කර ඇත.
එය පානය කළ සේවකයාට උගුරේ ඉදිමීම සහ හිසරදය පැවතුණු බැවින් රෝහල් ගතවීමෙන් පසු සිද්ධිය අනාවරණය වී තිබේ.
241 Views
Comments