අතුරුදන් වූ හමුදා හෙලිකොප්ටරය සොයා අඛණ්ඩ මෙහෙයුම්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

අතුරුදන් වූ හමුදා හෙලිකොප්ටරය සොයා අඛණ්ඩ මෙහෙයුම්

අතුරුදන් වූ හමුදා හෙලිකොප්ටරය සොයා අඛණ්ඩ මෙහෙයුම්

ඔකිනාවා ප්‍රාන්තයේ මියාකොජිමා දූපත ආසන්නයේ පුද්ගලයන් 10 දෙනෙකු සමඟ අතුරුදන් වූ ගොඩබිම් ආත්මාරක්ෂක බලකායේ හෙලිකොප්ටරය සෙවීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

 

ඒ අනුව ආරක්‍ෂක අමාත්‍ය හමාඩා යසුකාසු පැවසුවේ සෙවීම් සඳහා ගොඩබිම් හමුදා භටයින් සංඛ්‍යාව 20 සිට 200 දක්වා වැඩිකර ඇති බවයි.

 

හෙලිකොප්ටරයේ තිබූ ජීවිතාරක්ෂක බෝට්ටු සහ ජනෙල් රාමු සෙවුම් කණ්ඩායම් විසින් සොයාගෙන ඇත.

 

එමෙන්ම වෙරළාරක්ෂක මුර නෞකාවක් විසින් ඉරබුජිමා දූපතට උතුරින් වූ මුහුදේ නැමුණු හෙලිකොප්ටර් දොරක් සහ කැඩුණු රොටර් තලයක් සොයා ගන්නා ලදී.

 

කෙසේවෙතත් Miyakojima වෙරළාරක්ෂක බළකායේ නිලධාරියෙක් පැවසුවේ.යාත්‍රා හතරක් බලමුලු ගන්වා ඇතත් පුද්ගලයින් 10 දෙනා සිටින ස්ථානය පිළිබඳව කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට මෙතෙක් හැකි වී නොමැති බවයි.

views

245 Views

Comments

arrow-up