APR
08
වර්ෂ ගණනාවකට පෙර අතුරුදන් වූ පිළිමයක් යලි හමුවේ

ශතවර්ෂ ගණනාවක් තිස්සේ නැතිවී ගිය බවට සැලකෙන ලී පිළිමයක් ජපානයේ ඔයිටා නගරයේ Jingoji විහාරස්ථානයට ගෙනවිත් තිබේ.
මෙම පිළිමය හිරෝෂිමා ප්‍රාන්තයේ පෞරාණික වෙළෙන්දෙකු වෙන්දේසියකදී යෙන් 700,000 ක් හෙවත් ඩොලර් 5,300 කට මිලදීගෙන තිබේ.
පසුව එය ඩොලර් 3,800 කට විහාරස්ථානයට භාර දීමට වෙළෙන්දා එකඟ වී ඇත.
ලැකර් ආලේපනයේ කොටසක් ගැලවී ගියද පිළිමය නොවෙනස්ව පවතී. එය දැන් විහාරස්ථානයේ ප්‍රධාන ශාලාවේ තැන්පත් කර ඇත.
251 Views
Comments