ටෝම් නගර ශාලාවේ ගින්නක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
12

ටෝම් නගර ශාලාවේ ගින්නක්

ටෝම් නගර ශාලාවේ ගින්නක්

ඊයේ (11) රාත්‍රී 7.05 ට පමණ මියාගි ප්‍රාන්තයේ ටෝම් නගරයේ සකොමාචි සනුමා හි පිහිටි ටෝම් නගර ශාලාවේ දෙවන මහලේ ගින්නක් හටගෙන තිබේ.

 

ගින්නෙන් වර්ග මීටර් 3ක් පමණ දැවී ගිය අතර කිසිවකුටත් තුවාල සිදුවී නැත.  

 

ගිනි නිවන දෙපාර්තමේන්තුවට අනුව ගින්න හටගෙන ඇත්තේ දෙවන මහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ යැයි විශ්වාස කෙරේ. 

 

119 ඇමතූ 62 හැවිරිදි ආරක්ෂක නිලධාරියෙකුට අනුව ඒ වන විට නගර ශාලාවේ සිටි එකම පුද්ගලයා ඔහු වන අතර ඔහු දෙවන මහලේ මුර සංචාරයේ යෙදී සිටියදී හදිසි සීනුව නාද වූ අතර සුදු දුමාරයක් දැක ඇත.

 

ගින්නට හේතුව පිළිබඳව සනුම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

views

231 Views

Comments

arrow-up