හිරෝෂිමා පරමාණු බෝම්බය හෙළා වසර 78ක් ගතවේ

එක්සත් ජනපද යුධ ගුවන් යානයක් හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බයක් හෙළා වසර 78ක් ගතවී තිබේ.
මෙය සිහිපත් කරමින් විපතට පත් වූවන්ට උපහාර දැක්වීමට ජනතාව අද (06) අලුයම නගරයේ සාම අනුස්මරණ උද්‍යානයට රැස් වූහ.
බෝම්බය හෙළන විට දෙහැවිරිදි වියේ පසුවූ එක් කාන්තාවක් පැවසුවේ මියගිය සිය ඥාතීන්ට ගෞරව දැක්වීමට තමා දශක ගණනාවක් තිස්සේ මෙහි එන බවයි.
1945 අගෝස්තු 6 වෙනි ඉරිදා උදෑසන 8:15 ට හිරෝෂිමා නිහඬ විය. බෝම්බ ප්‍රහාරයෙන් ඇති වූ තාප කිරණ, විකිරණ සහ පිපිරුම් තරංගය නගරය විනාශ කළ අතර එම වසර අවසන් වන විට 140,000 ක් පමණ මිය ගියහ. දිවි ගලවා ගත් බොහෝ දෙනෙක් විකිරණවලට නිරාවරණය වීම නිසා පිළිකා සහ වෙනත් රෝගවලින් පීඩා විඳිති.
මෙවර උත්සවයට 50,000ක පමණ පිරිසක් සහභාගී වී සිටියහ.කොරෝනා වයිරස් පියවර ලිහිල් කර ඇති බැවින් වසර හතරකට පසු පළමු වතාවට සමහර ආසන මහජනතාවට විවෘත විය.
238 Views
Comments