ජපානය තවදුරටත් උණුසුමේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

ජපානය තවදුරටත් උණුසුමේ

ජපානය තවදුරටත් උණුසුමේ

අද (06) ජපානයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සීග්‍රයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව හ්යෝගෝ සහ ටොටෝරි ප්‍රාන්තවල සෙල්සියස් අංශක 38ක් අපේක්ෂා කළ හැක.

 

කාලගුණ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ උෂ්ණාධික බලපෑම් වළක්වා ගැනීම සඳහා තවදුරටත් අවධානයෙන් පසුවන ලෙසයි.

 

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ඊයේ (05) ෆුකුෂිමා ප්‍රාන්තයේ ඩේට් නගරයේ දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක ඉහළ අගයක් වාර්තා වූ බවයි.

 

උතුරු සහ නැගෙනහිර ජපානයේ බ්‍රහස්පතින්දා දක්වා දැඩි උණුසුම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

උෂ්ණාධික රෝගවලට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින අතර සමහරු මිය ගියහ.

 

අත්‍යවශ්‍ය නොවන විනෝද චාරිකා වලින් වළකින ලෙසත්, වායු සමීකරණ යන්ත්‍ර නිසි ලෙස භාවිතා කරන ලෙසත්, සජලනය වී සිටින ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් දෙනු ලැබේ.

 

views

238 Views

Comments

arrow-up