ජපානයට විදේශීය සංචාරකයින් පැමිණීම ඉහළට

COVID-19 ආශ්‍රිත සංචාරක සීමාවන් ලිහිල් කිරීමෙන් පසු විදේශ සංචාරකයින් ජපානයට ආපසු පැමිණීම ආරම්භ කර ඇත.
කියෝතෝ සහ අසකුසා වැනි කීර්තිමත් ස්ථාන වලට අමතරව වෙනත් ස්ථාන ද විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගනිමින් සිටී.
ඒ අනුව තෝකියෝ හි ටොයෝසු හි ඩිජිටල් කල කෞතුකාගාරයට අප්‍රේල් මාසයේදී පමණක් විදේශිකයන් 170,000 ක් පමණ පැමිණ තිබේ.
මෙය කෞතුකාගාරය 2018 දී විවෘත කල පසුව පැමිණි ඉහළම අගයයි.
විදේශිකයන් මිලියන 1.95 ක් පමණ අප්‍රේල් මාසයේදී ජපානයට පැමිණි අතර සංචාරකයින් 10 න් 1 කට ආසන්න ප්‍රමාණයක් කෞතුකාගාරය නැරඹීමට පැමිණ ඇත.
255 Views
Comments