ජපන් අධ්‍යාපන ක්‍රමවේද ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රියාවලියට අදාළ කරගැනීම පිළිබඳ අවධානය යොමු කෙරේ 
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

ජපන් අධ්‍යාපන ක්‍රමවේද ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රියාවලියට අදාළ කරගැනීම පිළිබඳ අවධානය යොමු කෙරේ 

ජපන් අධ්‍යාපන ක්‍රමවේද ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රියාවලියට අදාළ කරගැනීම පිළිබඳ අවධානය යොමු කෙරේ 

ප්‍රශස්ත මට්ටමේ වෘත්තීය පුහුණු අවස්ථා සහිත ජපන් අධ්‍යාපන ක්‍රමවේද ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රියාවලියට අනුරූපව අදාළ කරගැනීම පිළිබඳ උනන්දුව හා අවධානය යොමු කරන බවත්  ඒ සඳහා ජපානයේ සහයෝගය අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා  පවසයි. 

 

ඒ් මහතා මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා හා ජපාන දෙරටෙහි වෘත්තීය අධ්‍යාපන සහයෝගීතාව වඩාත් පුළුල් හා සවිමත් කරගැනීමට අදාළව ජපාන රාජ්‍ය අමාත්‍ය ෆුජිමරු සතෝෂි (Fujimaru Satoshi) හා හිටපු ජපාන රාජ්‍ය අමාත්‍ය කෝසෝ යමමොටෝ (Kozo Yamamoto) යන මහත්වරුන් අතර ඊයේ ( 31) අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවේදීය.

 

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂු කොෂි හිදේකි (Mitsukoshi Hideaki) මහතා ද මෙම සාකච්ඡාව සඳහා සහභාගි විය. 

 

ජපන් ටෙක් ආයතනය හරහා ශ්‍රී ලංකාවේ තරුණ ශ්‍රමිකයන්ට වෘත්තීය පුහුණු අවස්ථා ලබා දීමටත් ජපන් භාෂාව උගන්වන ගුරුවරුන් විධිමත් ලෙස පුහුණු කිරීමට අවශ්‍ය සහාය ලබාදීමටත් මෙහි දී ජපන් රාජ්‍ය අමාත්‍යවරුන් එකඟතාව පළ කළහ. එසේ ම ලාංකික සිසුන්ට හා ශ්‍රමිකයන්ට එරට අධ්‍යාපන අවස්ථා හා රැකියා අවස්ථා වැඩි වශයෙන් උදා කරගැනීම පිළිබඳව ද ජපාන අමාත්‍යවරුන්ගේ අවධානය යොමු කරවීමට ද සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී උත්සුක විය.

views

402 Views

Comments

arrow-up