තෝකියෝ වෙත පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ඉහළට

තෝකියෝ මෙට්‍රොපොලිටන් රජය ඇස්තමේන්තු කරන්නේ පසුගිය වසරේ අගනුවරට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.
තෝකියෝ නිලධාරීන් දේශීය හා විදේශීය සංචාරකයින් සංඛ්‍යාව තක්සේරු කිරීම සඳහා සෑම මාස තුනකට වරක්ම අගනුවර සංචාරක පහසුකම් සමීක්ෂණය කරයි.
2022 දී සංචාරකයින් මිලියන 542.67 ක් පමණ තෝකියෝවට පැමිණ ඇති බව නිලධාරීන් ගණන් බලා ඇත.
එම අගය කොරෝනා වසංගතයට පෙර වසරේ 2019 හා සසඳන විට සියයට 0.1 කින් අඩු විය.
සංචාරකයින් යෙන් ට්‍රිලියන 4.62 ක් හෙවත් ඩොලර් බිලියන 32.7 ක් පමණ වියදම් කර ඇති බවටද ගණන් බලා ඇත. මෙම මුදල ද පෙර වසංගත මට්ටමට පැමිණ ඇත.
298 Views
Comments