ජපන් - චීන හමුදා අතර හුවමාරු වැඩසටහනක්

කොරෝනා වසංගතය හේතුවෙන් වසර හතරක විරාමයකින් පසු ජපාන ස්වයං ආරක්ෂක බලකාය සහ චීන හමුදා නිලධාරීන් සඳහා හුවමාරු වැඩසටහනක් නැවත ආරම්භ කර ඇත.
ජපානයේ සසාකාවා සාම පදනම විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන දශක දෙකකට පමණ පෙර ආරම්භ වූයේ ජපානයේ සහ චීනයේ මධ්‍යම ශ්‍රේණියේ පුද්ගලයින් එකිනෙකාගේ රටට පැමිණීමට පහසුකම් සැලසීම සඳහා ය.
නමුත් එය 2019 වසරෙන් පසුව අත්හිටුවා තිබුණි.
මේ අනුව 13 දෙනෙකුගෙන් යුත් ජපන් ආත්මාරක්ෂක බලකායේ නියෝජිත පිරිසක් පසුගිය ඉරිදා ආරම්භ වූ දින නවයක සැසියේ කොටසක් ලෙස බීජිං හි චීන හමුදාවට අනුබද්ධ ස්ථානයකට ගියහ.
එහිදී ජපාන නියෝජිතයින් ඔවුන්ගේ චීන සගයන් සමඟ ද්විපාර්ශ්වික ගැටළු සාකච්ඡා කළ අතර චීනයේ මධ්‍යම හමුදා කොමිසමේ ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී Jing Jianfeng ද හමුවිය.
313 Views
Comments