JUL
18
ඇලස්කා අර්ධද්වීපය ආසන්නයේ භූකම්පනයක්

පෙරේදා (16) සවස 3.48 ට පමණ ප්‍රබල අක්වෙරළ භූමිකම්පාවක් සිදු වූ බවට හවායි හි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයෙන් ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට වාර්තාවක් ලැබී තිබේ.
රික්ටර් මාපකයේ 7.3 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයේ කේන්ද්‍රය ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇලස්කා අර්ධද්වීපය ආසන්නයේ විය.
භූ කම්පනය හේතුවෙන් ජපානයේ වෙරළ තීරයේ උදම් වෙනස්වීම් ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ නමුත් සුනාමි තර්ජනයක් නොමැති බව ඔවුන් පවසයි.
375 Views
Comments