ජපානය, එක්සත් ජනපදය සහ දකුණු කොරියාව එක්ව ත්‍රෛපාර්ශ්වික මිසයිල ආරක්ෂණ අභ්‍යාසයක් පවත්වයි

ජපානය, එක්සත් ජනපදය සහ දකුණු කොරියාව පෙරේදා (16) ජපාන මුහුදේ ත්‍රෛපාර්ශ්වික මිසයිල ආරක්ෂණ අභ්‍යාසයක් සිදු කළ බව ජපාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය.
මෙම අභ්‍යාසවලට ජපානයේ සමුද්‍ර ස්වයං ආරක්ෂක බලකාය, එක්සත් ජනපද නාවික හමුදාව සහ දකුණු කොරියානු නාවික හමුදාවෙන් එක බැගින් වූ Aegis-සන්නද්ධ විනාශකාරී යාත්‍රා ඇතුළත් විය.
මෙම ත්‍රෛපාර්ශ්වික අභ්‍යාසය උතුරු කොරියානු බැලස්ටික් මිසයිලයකට ප්‍රතිචාර දැක්වීමේ පළමු පියවර විය.
ජපානය අවට ආරක්ෂක තත්ත්වය එන්න එන්නම දරුණු වෙමින් පවතින අවස්ථාවක නවතම අභ්‍යාසය ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාව ප්‍රවර්ධනය කරන බවත්, නීතියේ ආධිපත්‍යය මත පදනම්ව ජාත්‍යන්තර සාමය ආරක්ෂා කිරීමට රටවල් තුනේ කැපවීම පෙන්නුම් කරන බවත් අමාත්‍යාංශය පවසයි.
307 Views
Comments