ජපානය රත් වෙයි

ජපානයේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි උණුසුමෙන් පීඩා විඳිති.
ඊයේ (24) බටහිර සිට උතුරු ජපානය දක්වා ස්ථානවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 දක්වා ඉහළ ගොස් තිබේ.
ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ පැසිෆික් සාගරයේ සිට ඉහළ පීඩන පද්ධතියක් බටහිර සිට උතුරු ජපානය හරහා ප්‍රදේශ ආවරණය වන බවයි.
Saitama, Maebashi සහ Kofu යන නගරවල දිවා කාලයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කියෝතෝ, ගිෆු, ටොයාමා සහ ෆුකුෂිමා නගරවල මෙන්ම මධ්‍යම තෝකියෝවේ උෂ්ණත්වය අංශක 36 ක ඉහළ අගයක් අපේක්ෂා කෙරේ.
මේ හේතුවෙන් වායු සමීකරණ යන්ත්‍ර නිසි ලෙස භාවිතා කරන ලෙසත් සජලනය ඇතිව සිටින ලෙසත් ජනතාවට උපදෙස් දෙනු ලැබේ. එමෙන්ම එළිමහනේ කාලය ගත කරන විට විවේකයක් ගැනීමට ද උපදෙස් දෙනු ලැබේ.
290 Views
Comments