25 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වන ජපාන කණ්ඩායමට ලාංකික බාලදක්ෂයින් තිදෙනෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

25 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වන ජපාන කණ්ඩායමට ලාංකික බාලදක්ෂයින් තිදෙනෙක්

25 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වන ජපාන කණ්ඩායමට ලාංකික බාලදක්ෂයින් තිදෙනෙක්

දකුණු කොරියාවේ පැවැත්වෙන 25 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ජපන් කණ්ඩායමට ශ්‍රී ලාංකික බාලදක්ෂයින් තිදෙනෙකු ද සුදුසුකම් ලබා තිබේ.

 

ඔවුන් නම් සයිටම් ප්‍රාන්තයේ වෙසෙන ප්‍රසාද් ඩන්ස්ටන්, කනගාවා ප්‍රාන්තයේ වෙසෙන කසුන් ප්‍රියංකර සහ ෂිසුඕකා ප්‍රාන්තයේ වෙසෙන භානුක කරුණාරත්න යන අයයි.

 

ඔවුන් පසුගිය දිනක ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණි අතර, ජපානයේ ශ්‍රී ලංකා තානාපති ඊ.රොඩ්නි එම් පෙරේරා මහතා හමුවී ආශිර්වාද ලබාගත්හ.

 

කොරියානු බාලදක්ෂ සම්මේලනය සහ ලෝක බාලදක්ෂ සම්මේලනයේ සම අනුග්‍රහය ඇතිව මෙවර ලෝක බාලදක්ෂ ජම්බෝරිය "ඔබේ සිහින අඳිමු" යන තේමාව යටතේ පැවැත්වෙනු ඇත.

 

මෙම බාලදක්ෂයින් තිදෙනා ශ්‍රී ලංකාවේ පාසල් කාලයේ සිටම බාලදක්ෂ කටයුතුවල නිරතව සිට ඇති අතර දැනට ඔවුන් ජීවත් වන ප්‍රාන්තවල බාලදක්ෂ බලකායේ නියෝජිතයන් ලෙස දේශීය බාලදක්ෂයින් සමඟ වැඩ කරති.  

 

views

430 Views

Comments

arrow-up