ජූලි මාසය පෘථිවියේ උණුසුම්ම මාසය බවට පත්වේ

දේශගුණ විද්‍යාඥයින් මෙම ග්‍රීෂ්ම ඍතුවේ දී උතුරු අර්ධගෝලයේ පවතින දැඩි උණුසුම පිළිබඳව සොයා බලමින් සිටිති.ඔවුන් ඊයේ (27) ප්‍රකාශ කළේ ජූලි මාසය පෘථිවියේ උණුසුම්ම මාසය වනු ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සහ යුරෝපා සංගමයේ කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවයේ පර්යේෂකයන් මෙම තත්ත්වය හඳුන්වන්නේ “විෂමතාවක්” ලෙසයි.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ යුගය අවසන් වී ඇති අතර ගෝලීය තාපාංක යුගය පැමිණ තිබෙන බවත් වාතය ආශ්වාස කළ නොහැකි අතර තාපය දරාගත නොහැකි බවත්යි.
ඊයේ නිකුත් කරන ලද තවත් එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පැවසුවේ ආසියාවේ දේශගුණික විපර්යාසවල බලපෑම වැඩි වෙමින් පවතින අතර එය ගෝලීය සාමාන්‍යයට වඩා වේගයෙන් උණුසුම් වන බවයි.
ජපානයේ සිටින අය සාපේක්ෂ වශයෙන් අධික උෂ්ණත්වයට පුරුදු වී සිටින නමුත් ඔවුන් පවා යම් සහනයක් සොයමින් සිටිති.
342 Views
Comments