ජපානයේ කැරෝකි

කැරෝකි ලෝකේ පුරා ම බොහෝ දුරට ප්‍රචාලිත වෙලා තියෙනවා.
දන්නවද. ?කැරෝකි මුලින් ම ආරම්භ වෙලා තියෙන්නේ ජපානයෙන්.
ජපානයේ カラオケ හැම තැනම වගේ දැක ගන්න පුලුවන්.
කැරෝකි වලට පොඩි මුදලක් වැය කරලා ජපන් ජාතිකයන් සිංදු කියලා විනෝද වෙලා එනවා.
ජපන් ජාතිකයන් කියන විදිහට ගායනා කිරීමට ඇති හොදම තැන් වලින් එකක්ලු මේ カラオケ කියලා කියන්නේ.
ජපානයට යන්න බලන් ඉන්න ඔයාට ගායන හැකියාවක් තියෙනවා නම්.
ඔයත් මේ අද්දැකීම විදින්න කැමති නම් ඔයාටත් පුලුවන් මුදලක් වැය කරලා මේ අද්දැකීම විදගන්න.
ඒ වගේම මයික්‍රෝෆෝන් සහ කැරෝකි යන්ත්‍රයක් අපිට ලබා දෙනවා මේ කැරෝකි ඇතුලට ගියාම.
අපිට ගායනා කිරීමට අවශ්‍ය පැය ගානට මුදලක් ගෙවිමට සිදු වෙනවා.
ඒ වගේම කෑම ,බීම ,ආහාර ඇණවුම් කීරීමට හැකියාවත් තියෙනවා අපිට මේ カラオケ එකට ගියහම.
ජපන් ජාතිකයන් හරියට යන තැනක් තමයි කැරෝකි කියලා කියන්නේ.
කාර්‍යබහුල රටක් උන ජපානයේ මිනිස්සුන් එයාලා වෙනුවෙන් කාලය වෙන් කරන්නෙ මෙන්න මේ වගේ තැන් වලට ගිහින්.
උපුටාගැනීම : 𝗧𝗵𝗲 𝗧𝗿𝗮𝘃𝗲𝗹
456 Views
Comments