ජපාන අනන්‍යතාවයේ සලකුණ - කිමෝනාව

ජපානය කියන්නේ ඉතාමත් සුන්දර රටක්.අන්න ඒ සුන්දරත්වය නිසා ම ආසියාවේ මනමාලිය නමින් ද සදහන් වෙනවා ජපානය.
ජපන් සංස්කෘතික මුළු ලෝකයේ ම ආකර්ෂණයට හසු වෙන පරිදි නිර්මාණය වෙලා තියෙනවා.
ආසියාතික රටක් විදිහට ලෝකය තුල යහපත් ප්‍රතීරූපයක් ගොඩ නගා ගත්ත රටක් ලෙස මේ වන විට ජපානය හදුන්වන්න පුලුවන්.
හැම රටකට ම ආවේණික වූ සම්ප්‍රදායික ඇදුමක් තියෙනවා.
ජපානයේ සම්ප්‍රදායික ඇදුම ලෙස ලෝකයම පිලිගන්නේ කිමෝනාව.
කිමෝනාව ඉතාමත් සංවර ඇදුමක්.
මෙය ජපානය තුල සම්ප්‍රදායිකත්වයේ අනන්‍යතාවය ලොවටම කියාපාන සංකේතය වෙනවා.
ජපානයටම පමණක් සුවිශේෂී මේ කිමෝනාව,විවිධ වර්ණ වලින් දැක ගන්නත් පුලුවන්.
සාමාන්‍යයෙන් බහුලව කිමෝනා නිර්මාණය කරන්නේ සේද රෙදි යොදාගෙන. ඒ වගේම කපු ,වූල් සහ ලිනන් රෙදි ද මේ කිමෝනා නිර්මාණය සදහා යොදා ගන්නවා.
කපු රෙදි වලින් නිර්මාණය වන කිමෝනා බහුලව භාවිතා කරන්නේ සීතල කාලයේදී.
කිමෝනාව ගැහැනු පිරිමි දෙපාර්ශවයටම තියෙනවා.
විවාහක කාන්තාවන් අදින කිමෝනාව "තොමෙසොදෙ" නමින් හැදින්වෙනවා.
අවිවාහක කාන්තාවන් අදින කිමෝනාව "ෆුරිසොදෙ" නමින් හැදින්වෙනවා.
වයස ,සමාජ තත්ත්වය එක්ක කිමෝනාවේ වර්ණය හා විලාසිතා වෙනස් වෙනවා.
අතීතයේ නම් කිමෝනාව සුලභ ඇදුමක් උනත්.
අද වෙනකොට කිමෝනාව ඇදන් ඉන්න අය දුර්ලභ දසුනක් වෙලා තියෙනවා.
අද කිමෝනව අදින්නේ උත්සව අවස්ථාවන් වලදී පමණයි.
උපුටාගැනීම : 𝗧𝗵𝗲 𝗧𝗿𝗮𝘃𝗲𝗹
623 Views
Comments