ජපානයේ අද්භූත YOKAI Festival

ජපානය ගැන හොයාගෙන යන ගමනෙදී අද අපි කතා කරන්නේ අමුතු උත්සවයක් ගැන.
මොකක් ද මේ Yokai festival එක
අතීතයේ දී ජපන් ජාතිකයන් කලිසමට ලොකු බයක් තිබිලා තියෙනවා.
බොහෝ වෙලාවට විදේශීය සංචාරයන්(ජපානයට පැමිනෙන විදේශීකයන්) අවතාර ලෙස ජපන් ජාතිකයන් සලකනු ලබලත් තියෙනවා..
Yokai කියලා කියන්නේ මිනිස්සුන්ට උදව් කරමින් හෝ නපුරු අයට අවාසනාව ගෙන දෙන අද්භූත ජීවීන්ට.
ජපානය පුරාම මේ yokai කතා (පුරාවෘත කතා )හොයා ගන්න පුලුවන්.
ජපානයේ විවිධ ප්‍රදේශ වල එක එක කතා නිර්මාණය වෙලා තියෙනවා.
Tokushima ප්‍රාන්තයේ shikoku දූපතේ ජීවත් වෙන ජපන් ජාතිකයන් විනෝදජනක දිනයක් ලෙස පත් කරගෙන තියෙනවා මේ yokai උත්සවය.
ප්‍රථම වරට 2000 වසරේ නොවැම්බර් මාසයේ දී Miyoshi නගරයේ ජනතාව Yokai උත්සවය සමරලා තියෙනවා.
එදා ඉදන් සෑම වසරකම නොවැම්බර් මාසයේදී Yokai උත්සවය ඉතාම උත්කර්ෂවත් විදිහට දැක ගන්න පුලුවන්.
ඉතිං මේ උත්සවය අතර මැදදී අතින් සාදන ලද ඇදුම් ඇදන් yokai චරිත් වගේ ජපන්නු පැමිනෙනවා.
රාත්‍රී කාලයේදී පෙරහැර වල් වගේ පාරේ මේ උත්සවය දැක ගන්න පුලුවන්.
ඒ වගේම තමයි මේ උත්සවය සහභාගි වෙන්න කැමති අයට, ඕනිම ඇදුමක් ඇදන් එන්න හැකියාවක් තියෙනවා.
විදේශීකයන් පවා මේ උත්සවය නැරඹීමට එනවා කියලා තමයි සදහන් වෙන්නේ.
උපුටාගැනීම : 𝗧𝗵𝗲 𝗧𝗿𝗮𝘃𝗲𝗹
473 Views
Comments