සවාරා ලංකජි විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

සවාරා ලංකජි විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම

සවාරා ලංකජි විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම

සවාරා ලංකජි විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම, සෙත් පිරිත් දේශනය සහ බෝධි පූජා පිංකම් මාලාවේ ආරම්භය ජූලි මස 31 වන සඳුදා සවස 6.00 ට සවාරා ලංකජි විහාරස්ථානයේදී පැවැත්වේ.

 

මෙම වැඩසටහන විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කර ඇත.

 

මෙම උතුම් පිංකමෙහි නායකත්වය දරනු ලබන්නේ චිබා ප්‍රදේශයේ නොදා නගරයේ පදිංචි නිපාරා ඉන්ටර්නැෂනල් ආයතනයේ අධිපති ගමඇතිගේ අනිල් ප්‍රියන්ත මහතා විසිනි.

 

සියලු සිත් පහන් කිරීම උදෙසා පින් කැමති ඔබ සැමට සැදැහැ සිතින් ආරාධනා.

views

310 Views

Comments

arrow-up