ෆුජි සුගත සේනාසනයේ උපෝසථ විනය කර්මය පැවැත්වේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

ෆුජි සුගත සේනාසනයේ උපෝසථ විනය කර්මය පැවැත්වේ

ෆුජි සුගත සේනාසනයේ උපෝසථ විනය කර්මය පැවැත්වේ

ගිම්හාන ඍතුවේ 5 වෙනි පෝය ඊයේ (20) දිනට යෙදී තිබුණි.

 

ඒ අනුව ෆුජි සුගත සේනාසනස්ථ ශ්‍රී සුමන සාමග්‍රී සීමාවේදී ප්‍රථම උපෝසථ විනය කර්මය සිදු කරන ලදි. 

 

සේනාසනයේ පසුගිය අප්‍රේල් 30 වෙනි දින සම්මත කරන්නට යෙදුණු බද්ධ සීමා මාලකයේ සිදු කරණ ලද ප්‍රථම උපෝසථ කර්මයට මහාවිහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අරියවංස සද්ධම්මයුත්තික  පාර්ශවයේ ශ්‍රීමත් මහා නායක ධුරන්ධර පරම පූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි තිස්සාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ, මැලේසියාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය අළුබෝමුල්ලේ රතනසිරි නාහිමි, නුවරඑළිය මහදිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ඇකිරියේ පඤ්ඤානන්ද නාහිමිපාණන් වහන්සේ, අංකුඹුර වැල්ගාල ශ්‍රී ප්‍රඥා සාගර පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය ඹබරගහකන්දේ ඤාණසිරි ස්වාමින්වහන්සේ, ජපන්ජාතික පූජ්‍ය අග්ගචිත්ත ස්වාමින්වහන්සේ, පූජ්‍ය ‍රාවාඇල පියතිස්ස ස්වාමින්වහන්සේ, පූජ්‍ය අගලකඩ ධම්මරතන ස්වාමින්වහන්සේ ඇතුලු ස්වාමින්වහන්සේලා 8 නමක් සහභාගී වුණි. 

views

345 Views

Comments

arrow-up