හුරුලුනිකවැවේ සුධම්ම හිමිපාණන් වහන්සේගේ විශේෂ පුණ්‍යානුමෝදනාව
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

හුරුලුනිකවැවේ සුධම්ම හිමිපාණන් වහන්සේගේ විශේෂ පුණ්‍යානුමෝදනාව

හුරුලුනිකවැවේ සුධම්ම හිමිපාණන් වහන්සේගේ විශේෂ පුණ්‍යානුමෝදනාව

හුරුලුනිකවැවේ සුධම්ම හිමිපාණන් වහන්සේ පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවයක් ඊයේ (16) දින පැවැත්වුණි.

 

 

සුධම්ම හිමිපාණන් විසින් ඒ සම්බන්ධයෙන් පුණ්‍යානුමෝදනාවක් සිදුකරමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පල කර තිබේ.

 

එම සටහන පහතින් 

 

නමෝ බුද්ධාය! 

 

මහරගම තරුණ සේවා මධ්‍යස්ථානයේ දී අපව පිළිගැනීම පිණිස සංවිධානය කරණ ලද උත්සව සභාව ඉතාමත් ම අලංකාරව සිදු කිරීමට වැඩම කොට වදාළ සම්පූජනීය මහානායක මාහිමිපානන් වහන්සේලා, අනුනායක ස්වාමින්ද්‍රයාණන්  වහන්සේලා, නායක ස්වාමින්වහන්සේලා, විහාරාධිපති, පරිවේණාධිපති ස්වාමින්වහන්සේලා, සාමණේර ස්වාමින්වහන්සේලා, ඇතුලු සියලු ම මහා සංඝ රත්නයටත්, මෙහෙණින් වහන්සේලා, දායක කාරකාදී ලොකු කුඩා සැම දෙනාටමත් මාගේ හදපිරි ගෞරව පුණ්‍යානුමෝදනා ව පුද කර සිටිමි. මගෙන් හෝ උත්සව කමිටුවේ සත්පුරුෂයින්ගෙන් යම් වරදක් අතපසුවීමක් සිදුවී නම් එයට කමා කරත්වා.  

 

ඔබ සැමට තෙරුවන් සරණින් දිගාසී සුව වේවා!!! 

 

සුධම්ම භික්ෂු 

2023/07/16 දින දී යැ.

views

337 Views

Comments

arrow-up