ඔෂින් කතාවේ Ginza Onsen බලන්න යමු

"ඔෂීන් "කතා මාලාවෙන් ප්‍රසිද්ධියට පත් වූ Ginza Onsen ගැන තමයි අද අපේ කතාව.
"Ginza Onsen" යනු ජපානයේ Yamagata ප්‍රාන්තයේ Obanazawa වල පිහිටලා තියෙන "උනුසුම් වසන්ත" (onsen)ප්‍රදේශයක්...
"රිදී පතල් උණු වසන්තය" කියලා කියන්නේ Ginza Onsen කියන එකේ තේරුමයි.
මේ onsen නගරය මීට වසර 400යකට විතර පෙර තමයි ආරම්භ කරලා තියෙන්නේ.
17 වැනි සියවසේ අගභාගයේ දී රිදී නිශ්පාදනය අඩු වූ විට උණු දිය භාවිතයත් අඩු වෙලා ගිහින් තියෙනවා.
ඊට පසුව,20 වෙනි සියවසේ මුල් භාගයේදී onsen නගරයේ සංචාරක ව්‍යාපාර ආරම්භ වෙලා තියෙනවා.
නගරය හරහා ගලා යන Ginza ගං ඉවුර දිගේ බහු මහල්(පොඩි ගෙවල්, කෑම කඩ) ඉදි කරලා තියෙනවා.
Ginza onsen මිනිස්සු අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ,ජපානයේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවක විකාශනය උන අපි හැමෝම ආදරයෙන් ආසාවෙන් බලපු ඔෂීන් සහ ස්පිරිටඩ් අවේ film හරහායි.
ඒ වගේම හිම වැටෙන කාලයට Ginza onsen නරඹන්න දේශීය වගේම විදේශීය ජාතිකයන් හරියට පැමිනෙනවා.
උපුටාගැනීම : 𝗧𝗵𝗲 𝗧𝗿𝗮𝘃𝗲𝗹
710 Views
Comments