"හකොනෙ" වටේ රවුමක්

ජපානයේ ජීවත්වන අයටත්, ජපානය නැරඹීමට එන අයටත් ට තෝකියෝවෙන් පිට නැරඹීමට යා හැකි සුන්දර ප්‍රදේශයක් ගැන සටහනක් තබන්නයි මේ සූදානම.
ඒ තමයි කනගව ප්‍රාන්තයේ කෙලවරට පිහිටා ඇති "හකොනෙ" නම් ප්‍රදේශය. ස්වභාසුන්දරත්වයෙන් පිරිපුණ් කදු වැටි, දිය ඇලි , ගන්ගා යනාදී මේ සියල්ලකම සුන්දරත්වය ඔබට දැක බලා ගත හැකිය.
තෝකියෝ ප්‍රාන්තයේ " ෂින්ජුකු shinjuku" නම් වූ ප්‍රධානතම දුම් රිය ස්ථානයෙන් ආරම්භ වන " Romance car" නම් වූ සැප පහසු දුම්රියෙන් ඔබට ඉතාමත් පහසුවෙන් හකොනෙ බලා ගමන් කල හැකිය. මෙම දුම්රියේ අවසන් නවාතැන වන්නේ " හකොනෙ යුමොතො" දුම්රිය පලයි. ඔබ ෂින්ජුකු සිට සාමානය දුම්රියේ පැමිණියහොත් "Odawara" නම් වු අවසන් දුම්රිය ස්ථානයෙන් " හකොනෙ යුමොතො " බලා තවත් දුම්රියකින් මාරැවී පැමිණිය යුතුය.
හකොනෙ යුමොතො දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන" හකොනෙ තොzසන්දුම්රිය " නම් වූ දුම්රිය නම් ඔබ කාගේත් සිත් ඇද බැද ගන්නවා නිසැකයි. දුම්රි මැදිරි තුනක් පමණක් සමන්විත ඉතාමත් කුඩා දුම්රියක් වන මෙම දුම්රියේ ගමනාන්තය වන්නේ "Gora" නම් දුම්රිය ස්ථානයයි. හකොනෙ යුමොතො සිට ගමනාන්තය දක්වා විනාඩි40ක් පමණ වන අතර එම කාල පරාසය තුල ඔබට කිසිදා දැක ගන්නට නොලැබුණු සුන්දර අත්දැකීමක් ලබා ගත හැකිය.
ගමනේ සුන්දරත්වය පමණක් නොව හකොනෙ පැමිණෙන ඔබට ගත විඩාව නිවන උණු දිය උල්පත්හි උණුසුමත්, හකොනෙ ප්‍රදේශයට ආවේණික වූ ආහාර වර්ග , එමෙන්ම උණුදිය උල්පත් ආදාරයෙන් බිත්තර තම්බන ආකරයද(මෙම බිත්තර ආහාරයට ගැනීමෙන් ආයු කාලය වසර 7කින් දීර්ඝ වන බව ජපන් වැසියන් විශ්වාස කරයි) තව බොහෝ දෑ දැක බලා රසවිදිය හැකිය.
හකොන යනු වසරේ ඕනෑම කාලයක නැරඹීමට පැමිණියද එහි සුන්දරත්වය නොඅඩුව දැකබලා ගත හැකි සුන්දර ප්‍රදේශයකි. වසන්ත කාලයේ කොල පැහැයෙන් වසා ගත් හරිත සුන්දරත්වයත්, ග්‍රීෂ්ම කාලයේ "අජිසයි" නම් වූ මනරම් මලින් පිරැණු වන ලැහැබත්, සරත් කාලයේ විවිධ වර්ණ වලින් අලන්කාරවත් වූ "මොමිජි" ශාක වල සුන්දරත්වයත්, එසේම වසර අවසානයේ පතිත වන හිම වරැසාවෙන් වසා ගත් කදු වැටියත් ඔබව වෙනත් ලොවක් කරා ගෙන යනවා නොඅනුමානයි.
454 Views
Comments