ලොව මිල අධිකම සුඛෝපභෝගී බල්ලන් වර්ග - 01
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
21

ලොව මිල අධිකම සුඛෝපභෝගී බල්ලන් වර්ග - 01

ලොව මිල අධිකම සුඛෝපභෝගී බල්ලන් වර්ග - 01

අද අපි ඔයාලට අරගෙන ආවා මේ 2021 වර්ෂයේදී ලොව මිලෙන් අධිකම සුඛෝපභෝගී බල්ලන් ලෙස වාර්තා වුණ වර්ග කිහිපයක් ගැන තොරතුරු. සුඛෝපභෝගි විනෝදාංශ වලට කැමති පුද්ගලයන් නම් මේ සතුන් අනිවාර්යයෙන්ම ඇතිකරනවා.

 

01 - සැමොයිඩ් ( Samoyed )

 

 

  • මිල : $ 14,000 USD
  • ලංකා මුදලින් : 2,744,000
  • අවම මිල : $ 1,500 USD
  • ලංකා මුදලින් : රු.294,000/=
  • උපත : වයඹදිග රුසියාව සහ බටහිර සයිබීරියාව
  • බර : පිරිමි - 20-30 kg
  • ගැහැනු - 16-20 kg
  • උස : පිරිමි - 53-60 cm ( 21" - 24" )
  • ගැහැනු - 48-53 cm ( 19" - 21" )
  • ආයු කාලය : අවුරුදු 12 - 14
  • වර්ණයන් : සුදු හෝ සුදු සහ බිස්කට් වර්ණය මිශ්‍රිත, ක්‍රීම් වර්ණය
  • වෙනත් නම් : සමයිලි ( Smiley ), සැමී ( Sammy )
  • පැටවුන් බිහි කරන ප්‍රමාණය : 4 - 6
  • ආහාර : වියළි කිබල් ( Dry kibble )
  • ස්වභාවය : හිතුවක්කාර, සමාජශීලි, බුද්ධිමත්, සෙල්ලක්කාර, මිත්‍රශීලී, සෝදිස්සියෙන් සිටින

 

02 - ලෝචෙන් ( Lowchen )

 

 

  • මිල : $ 12,000 USD
  • ලංකා මුදලින් : 2,352,000
  • අවම මිල : $ 2,000 USD
  • ලංකා මුදලින් : රු. 392,000/=
  • උපත : ප්‍රංශය, යුරෝපය
  • බර : පිරිමි - 5-8 kg ගැහැනු - 4-6 kg
  • උස : පිරිමි - 30-35.6 cm ( 12" - 14" ) ගැහැනු - 28-33cm ( 11" - 13" )
  • ආයු කාලය : අවුරුදු 12 - 14
  • වර්ණයන් : කළු, චොකලට් වර්ණය, ක්‍රීම් වර්ණය, කළු සහ තලෙළු, නිල්, කළු සහ රිදී
  • වෙනත් නම් : ලිට්ටල් ලයන් ඩෝග් ( Little lion dog ), ටෝයි ඩෝග් ( Toy dog )
  • පැටවුන් බිහි කරන ප්‍රමාණය : 2 - 5
  • ආහාර : ඉහළ තත්වයේ බල්ලන්ගේ ආහාර ( high - quality dog foods )
  • කෝප්ප 3 - 4 ස්වභාවය : මිත්‍රශීලී, ක්‍රියාශීලි, සතුටින් සිටන, සෙල්ලක්කාර, බුද්ධිමත්

 

03 - චව් චව් ( Chow chow )

 

 

  • මිල : $ 11,000 USD ලංකා
  • මුදලින් : 2,156,000
  • අවම මිල : $ 900 USD
  • ලංකා මුදලින් : රු. 176,400/=
  • උපත : චීනය
  • බර : පිරිමි - 25-32 kg
  • ගැහැනු - 20-27 kg
  • උස : පිරිමි - 48-56 cm ( 19" - 22" ) ගැහැනු - 46-51cm ( 18" - 20" )
  • ආයු කාලය : අවුරුදු 9 - 15
  • වර්ණයන් : කළු, නිල්, ක්‍රීම් වර්ණය, රතු
  • වෙනත් නම් : චව් ( chow )
  • පැටවුන් බිහි කරන ප්‍රමාණය : 4 - 6
  • ආහාර : ඉහළ තත්වයේ බල්ලන්ගේ ආහාර ( high - quality dog foods ) කෝප්ප 3 - 4
  • ස්වභාවය : නොසැලකිලිවන්ත, ස්වාධීන, නිශ්ශබ්ද, ලෙන්ගතු

 

04 - ටිබෙටන් මැස්ටිෆ් ( Tibetan Mastiff )

 

 

  • මිල : $ 10,000 USD
  • ලංකා මුදලින් : 1,960,000
  • අවම මිල : $ 2000 USD
  • ලංකා මුදලින් : රු.392,000/=
  • උපත : ටිබෙට්, නේපාලය, හිමාලය
  • බර : පිරිමි - 45-73 kg ගැහැනු - 34-54 kg
  • උස : පිරිමි - 66-76 cm ( 26" - 30" ) ගැහැනු - 61-71 cm ( 24" - 28" )
  • ආයු කාලය : අවුරුදු 12 - 15
  • වර්ණයන් : කළු, කළු සහ තලෙළු, දුඹුරු, දුඹුරු සහ තලෙළු, රතු මිශ්‍ර රන්වන් පැහැය, නිල් මිශ්‍ර අළු පැහැය
  • වෙනත් නම් : මැස්ටිෆ් ( Mastiff )
  • පැටවුන් බිහි කරන ප්‍රමාණය : 5 - 12
  • ආහාර : අඩු ප්‍රමාණයක් ගනී. වියළි කිබල් කෝප්ප 3 - 4, ගෙදර සකස් කරන ආහාර
  • ස්වභාවය : නොසැලකිලිවන්ත, හිතුවක්කාර, බුද්ධිමත්, ආරක්ෂක, ලෙන්ගතුයි.

 

 

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

5012 Views

Comments

arrow-up