ක්රස්නර් ගේ PPE ඇඳුම් කලාව

රුසියාවේ, මොස්කව්හි කොවිඩ් -19 රෝගීන් සතුටු කිරීම සඳහා රෝහල් ස්වේච්ඡා සේවකයෙකු වන ලියොනිඩ් ක්රස්නර් එම වාට්ටුවලට ඇතුළු වීමට පෙර ඔහුගේ තනි භාවිත PPE ඇඳුම් විවිධ වූ කලාවන්ගෙන් සරසා ගැනීම සිදු කරනවා. මුඛ ආවරණ, වෛද්‍ය කණ්නාඩි සහ ආරක්ෂිත ඇඳුම් කට්ටලවලින් ආවරණය වී ඇති වෛද්‍යවරුන් සහ සහායකයින් සමඟ මොස්කව්හි කොවිඩ් -19 වාට්ටුවල සිටින රෝගීන්ට උත්සව ප්‍රීති ප්රමෝදයන් අත්විඳීම දුශ්කරයි.
නමුත් කොරෝනා පළමු රැල්ලේ සිටම රෝහලහි ස්වේච්ඡාවෙන් සේවය කරන ලියොනිඩ් ක්රස්නර්, රෝගීන්ට ඔහුව හඳුනා ගැනීමට පහසු වීමට සහ ප්‍රතිකාර ලබන අයට මුවගට සිනහවක් ගෙන ඒමට උපකාර කිරීම සඳහා ඔහු තම PPE ඇදුම පිටුපස වර්ණවත් පින්තූර ඇදගැනීමේ ක්‍රමයක් භාවිතා කරමින් සිටියි. 59 හැවිරිදි ක්රස්නර් රෝහලේ සිටින සෑම අවස්ථාවකම වාට්ටුවලට ඇතුළු වීමට පෙර ඔහුගේ මෙම ඇඳුම් කට්ටලය මෙලෙස අලංකාර කරගනියි. ඔහු වරක් අසනීප වූ ගුවන් නියමුවෙකු සඳහා කාටූන් ගුවන් යානයක් සහ මව්වරුන්ගේ දිනයේදී මවකට සුබ පැතුම් පතක් චිත්රණය කර ගත්තේය. "මෙය ඔබේ මනෝභාවය සහ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීම සඳහා ය" යි ඔහු ඔක්සිජන් ආවරණයක් පැළදි මහලු කාන්තාවකට කීවේය. ඒ ඔහුගේ පිටෙහි ඇදි නත්තල් ගස පෙන්වමිනි.
කොවිඩ් දෙවන රැල්ල අතරතුර, මොස්කව්හි සෑම දිනකම හතරෙන් එකක් පමණ නව ආසාදන 6,000-7,000 ක් පමණ වාර්තා වී ඇති අතරම, එයට තාවකාලික රෝහල් කිහිපයක්ම විවෘත කිරීමට සිදුවිය. දැඩි සත්කාර ඒකකවල සිට සාමාන්‍ය වාට්ටුවලට මුදා හරින ලද දුර්වල වූ රෝගීන් රැකබලා ගැනීම ක්රස්නර්ට සහ ඔහුගේ සෙසු ස්වේච්ඡා සේවකයන්ට පැවරී ඇති කාර්ය්යකි. ඔවුන්ගේ කොණ්ඩය ගැටගැසීම, දත් මැදීම සහ රැවුල බෑම වැනි කාර්ය්යන් කරමින් සෑම දිනකම ඔවුන් රෝගීන්ට උපස්ථාන කරයි. හිටපු ව්‍යාපාරිකයෙකු වූ ක්රස්නර්, පූර්ව වෛද්‍ය අත්දැකීම් නොමැතිවම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ මුස්කොවිවරුන් දුසිම් ගනනක් අතරින් එක් අයෙකි.
ඔහු වසන්තයේ දී රුසියානු අගනුවරට කොවිඩ් පැමිණි විට අංක 52 ක කොරොන වයිරස් රෝහලට උදව් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. අවසානයේ දී මෙම වයිරසය වැළදී ඔහුට සුවය ලබා නැවතත් රෝගීන්ට උපස්ථාන කිරීමට පැමිණෙන්නට සති දෙකක පමණ කාලයක් ගතවිය.
"පුද්ගලයෙකුගේ තත්ත්වය කෙතරම් නරක ආකාරයකින් හෝ කිනම් අසනීප තත්ත්වයක සිටියත්, ඔවුන්ව සතුටු කරවන හැඟීම අවශ්‍යයි ... මෙය මිනිසුන්ව සතුටු කරයි," ක්රස්නර් වාට්ටුවකින් පිටතදී සුවය ලැබූ රෝගියෙකුගේ කකුල් සම්බාහනය කරමින් සිටියදී පැවසීය.
by Kaushalya De Silva
Photo source : Internet
746 Views
Comments