ඉහළ යන විද්යුත් අපද්‍රව්‍ය

නව තාක්ෂණයත් සමඟ පාරිභෝගික විද්යුත් නිෂ්පාදන භාණ්ඩ වල විවිධ ප්‍රවණතා වසරින් වසර එකතු වනවා සේම විද්යුත් අපද්‍රව්‍යද ඉහළ යයි. 2019 වර්ෂය තුළ විද්යුත් අපද්රව්ය මෙට්රික් ටොන් මිලියන 53.6ක් මෙලෙස ඉහළ යන විද්යුත් අපද්රව්ය ලෙස ගෝලීය සමාජය විසින් උත්පාදනය කරතිබේ. එය 2014 වර්ෂයේ සිට ගෝලීය විද්යුත් අපද්රව්ය මෙට්රික් ටොන් මිලියන 9.2කින් වර්ධනය වීමකි. එසේම 2030 වන විට මෙට්රික් ටොන් මිලියන 74.7 දක්වා වර්ධනයවේ යැයි අපේක්ෂා කෙරේ.
ඇමෙරිකාව හා යුරෝපීය කලාපය විද්යුත් අපද්රව්ය උත්පාදනයෙන් ඉදිරියෙන්ම සිටින අතර ආසියානු කලාපය හා අප්‍රිකානු කලාපය ඊට පසුපසින් සිටී. ඉහළ යන මේ විද්යුත් අපද්රව්ය වර්තමානයේ ගෝලීය පාරිසරික හා සෞඛ්ය ගැටලූවක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම විද්යුත් නිෂ්පාදන භාණ්ඩ ගත් විට ඒවායේ අන්තර්ගත උපාංගවල රසදිය, ඊයම්, කැඞ්මියම්, ඇන්ටිමනී, බෙරලියම්, ක්රෝමියම්, ආසනික් වැනි බැරලෝහ මනුෂ්ය සෞඛ්යට අහිතකර විෂ රසායන වලින් සමන්විතය. එම රසායන අඩංගු විද්යුත් උපකරණ භාවිතයෙන් පසුව විධිමත් ලෙස බැහැරකිරීම් නිසා මෙම බරපතළ පාරිසරික හානිකර තත්ත්වයක් වේ. මෙම විද්යුත් අපද්රව්ය දිරාපත් නොවී විශාල කාලයක් පවතින නිසාම එහි ඇති විෂ රසායන වායූ දූෂණය මෙන්ම මතුපිට ජල ප්‍රවාහ හා භූගත ජලය දූෂණයට මඟ පාදයි. එම අපද්රව්ය වෙරළට හා මුහුදට බැහැරලීම නිසා මුහුදු ජීවීන්ට හානිකර වන අතර ගොඩබිමට බැහැරලීම නිසා පස ජලය මෙන්ම සතුන්ට ද භව බෝග වලට ද හානි ඇතිකරයි. මිනිස් සිරුරේ ස්නායු පද්ධතියට, වකුගඩු පද්ධතියට මෙන්ම පෙනහලූ වලට ද හානිකරවන අතර, එය දිගුකාලීන සෞඛ්ය ආබාධ වලට මෙම විෂ ද්‍රව්‍යයන් හේතු වේ.
විශේෂයෙන්ම CFL බල්බ, ප්‍රතිදීප්ත විදුලි බුබුළු, ටියුබ් ලයිට් නිවාස තුළ භාවිතයේදී සැලකිලිමත් විය යුතු අතර ඒවා බිඳීමට ලක්වූ විට ඒවායේ විෂ ද්රව්ය වාෂ්ප ලෙස නිකුත් විය හැක. එය ඉතා හානිකර හා අවදානම් වන අතර භාවිතයෙන් තොර ජංගම දුරකථනයක බැටරියක් ජලය ලීටර් 6000ක් පමණ දූෂණය කරන බව ඔබ දන්නවාද? මේ නිසා එවැනි අපද්රව්ය ක්රමවත්ව බැහැර කළ යුතුය. මෙහිදී සිදුකල හැකි වඩාත් වැදගත් හා ප්රායෝගික ප්‍රවේශය වන්නේ විද්යුත් අපද්රව්ය කළමනාකරණයට ජනතාවගේ අවබෝධය වැඩිකර ජනතා සහභාගීත්වය ලබාගැනීමයි. මෙම අපද්රව්ය එකතු කිරීම විධිමත් කරමින් කාලීන ප්‍රතිපත්ති හඳුන්වාදීම වැදගත් වේ.එසේම යකි අලූත්වැඩියා කළ හැකි විද්යුත් උපකරණ අලූත්වැඩියා කර නැවත භාවිතා කිරීමෙන් බැහැරලන අපද්රව්ය ප්‍රමාණය අඩු කළ හැක. එසේම පෞද්ගලික අංශය සහභාගි කරගෙන විද්යුත් අපද්රව්ය නිශ්කර්ෂණ (RECOVERY) හා ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට (RECYCLE) පහසුකම් ඇති කිරීමත් වඩාත් සාර්ථක ක්‍රියාමාර්ග වේ.
by Dilki Shamani
Photo source : Internet
1062 Views
Comments