ඇත්තටම කවුද මේ IRON MAN?

රොබට් ඩොව්නි. ඒ තමයි අපි කවුරුත් මේ අයන් මෑන් නමින් හඳුන්වන පුද්ගලයායාගේ ඇත්ත නම. මුලින්ම කියන්නට ඕනා මොහු ගේ ජීවිත ජිවිත කතාව නං අනිත් ජීවිතය ජයගත් බොහෝ අයගේ වාගේ දුප්පත්කමින් පටන්ගෙන ඇරඹුණු ජීවිතයක් නම් නෙවෙයි. ඔහු උපතින්ම පෝසත් ළමයෙක්. මොකද කියනවා නම් ඔහුගේ පියා චිත්රපට අධ්යක්ෂක වරයෙක් වගේම මව නිළියක්. ඉතින් මොහු තම පියාගේ ඇරයුමෙන් ඔහුට අවුරුදු පහේ දී චිත්රපටයක රඟපානවා. ඒත් එක්කම පියා මොහුට අවුරුදු හයේ දී පටන්ම එක්තරා මත්ද්රව්යකට මොහුව පුරුදු කරනවා. ඉතින් මේක එක්තරා අඩුවක්. නමුත් මොහුගේ මව විසින් මොහුට රංගනයද උගන්වනවා.
කෙසේ නමුත් මොහුට අවුරුදු දහතුනේ දී මව සහ පියා දික්කසාද වෙනවා. ඒ අවස්ථාවේදී ඔහු මවත් සමග පැමිණෙනවා. ඔහුගේ මව එසේ කරන්නේ මොහුව එම මත්ද්රව්ය උවදුරෙන් ගලවා ගැනීමටය. කෙසේ නමුත් මොහු අවුරුදු තුනක් මව සමග සිට නැවතත් ඔහුට අවුරුදු දාසයේ දී මොහු තම පියා ළඟට යනවා. ඒ ගිය පසු ඔහු නැවතත් චිත්රපටවල රඟපෑමට පටන් ගන්නවා. ඒවාටද සාමාන්ය ප්රේක්ෂක ඉල්ලුමක් ඒ දවස් වල පටන්ම තිබුනා. ඒත් එක්කම මොහු මත්ද්රව්ය භාවිතයට ද නැවතත් නැඹුරු වුණා.
කෙසේ නමුත් පසුව ඔහු රඟපෑ එක්තරා චිත්ර චිත්රපටියක් තමයි ඔහුගේ හැරවුම් ලක්ෂයක් වුණේ. ඒකෙ නම් තමයි ලෙස් දෑන් සීරෝ කියන චිත්රපටය. ඉතින් මේකෙන් පස්සෙ මුළු ලොවම ඔහු හඳුනා ගන්නවා. ඒ වගේම තමයි මින් පසුවත් තවත් චිත්රපටයකට මොහුගේ නම නිර්දේශ වුණා.ඔහු එහිද ඉතාමත් සාර්ථක අයුරින් රඟපාල ඉතා ප්රසිද්ධියක් ලබා ගත්තා. ඒ අයුරින්ම කිසිවෙකුටත් විශ්වාස කළ නොහැකි මට්ටමින් ඔහුට අවුරුදු 28 දී ඔහුගේ නම ඔස්කාර් සම්මානයද නිර්දේශ වුණා. මෙය ඉතාම විශේෂ ගණයේ සිද්ධියක්. මොකද මෙතරම් අඩු වයසකින් ඔස්කාර් සම්මානයට නිර්දේශ වීම ලේසි පහසු දෙයක් නෙවේ. නමුත් මොහුට සම්මාන නම් ගත හැකි වුණේ නැහැ.
කෙසේ නමුත් පසුව මත්ද්රව්ය නිසා ඔහුගේ ජීවිතය විනාශ භාවයට ලක් වුණා. ඒ නිසා මොහුට චිත්රපටය ක්ෂේත්රයෙන් ද ඈත්වීමට සිද්ධ වුණා. කෙසේ නමුත් පසුව ඔහු මත්ද්රව්ය නිසා අවුරුද්දක් සිර අඩස්සියට ද ලක්වෙනවා. එයින් ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. නමුත් මොහුට දෙවැනි අවස්ථාවක් හම්බවෙනවා ඒ මොහුගේ දෙවෙනි බිරිය වන සුසෑන් කියන කාන්තාව නිසා. ඇයගේ කීමට මොහු මත්ද්රව්ය භාවිතය සදහටම නවත්වනවා. ඉන්පසුව තමයි මොහුගේ ජීවිතයේ සුන්දරම කාලය උදාවන්නේ. මොකද කියනවනම් මාර්වල් සීරීස් එකේ අයන් මෑන් ට පන පොවන්න ආරාධනා ලැබෙන්නේ මෙසේ සිටින අතරතුරයි. මෙය ඔහුගේ ජීවිතයම වෙනස් කරා. අද වන විට මොහු ලොව වැඩිම පඩි ගන්නා නළුවන් අතර සිටිනවා. ඒ ඔහුට ලැබුණු දෙවැනි අවස්ථාවෙන් උපරිම ප්රයෝජන ගත් නිසයි.
by Sahan Sandeepa
Photo source : Internet
1457 Views
Comments