හෙලිකොප්ටරයක් වූ මෝටර් රථය (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

හෙලිකොප්ටරයක් වූ මෝටර් රථය (VIDEO)

හෙලිකොප්ටරයක් වූ මෝටර් රථය (VIDEO)

තමන්ගේ මෝටර් රථය හෙලිකොප්ටර් යානයක් ලෙස එහි භාහිර පෙනුම වෙනස් කළ පුද්ගලයෙකු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙයි.

 

කෙසේ වෙතත් සත්‍ය වශයෙන්ම මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි.

 

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි අම්බෙඩ්කා නගර් හි පුද්ගලයෙකු සිය මෝටර් රථයේ භාහිර පෙනුව වෙනස් කර මාර්ගයේ එම රථය ධාවනය කරමින් සිටියදී එය පොලිස් භාරයට ගෙන ඇත.

 

ඔහු පවසන්නේ සිය රථය සකස් කිරීමෙන් අනතුරුව එය වර්ණ ගැන්වීම සඳහා රැගෙන යමින් සිටියදී මෙලෙස පොලිස් භාරයට ගත් බවය.

 

එහිදී ඔහුට ඉන්දීය රුපියල් 2000කට ආසන්න දඩයක්ද නියම කර ඇති අතර රථය නිදහස් කර ඇත්තේ හෙලිකොප්ටරයක් ලෙස සකස් කළ පසුපස කොටස ගලවා ඉවත්කරන ලෙසට දැනුම්දෙමිනි.

 

කෙසේ වෙතත් එම මෝටර් රථයේ අයිතිකරු පවසන්නේ තමන් මෙම රථය මාර්ගයේ ධාවනය කිරීමට සාදන ලද්දක් නොවන බවය.

 

එය විවාහ උත්සව අවස්ථා හා විවිධ උත්සව සඳහා කුලියට ලබාදීමට සකස් කරන ලද්දක් බව ඔහු සඳහන් කර තිබේ.

 

එම රථය සැකසීම සඳහා ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂ 2.5ක මුදලක් වැයවූ බවද විදෙස් මාධ්‍ය වෙත වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

 

 

views

136 Views

Comments

arrow-up