”‍මම එයාව සදහටම නිදි කළා”‍ - කැනඩාවේ තවත් ඝාතනයක් මාධ්‍ය කළඹයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

”‍මම එයාව සදහටම නිදි කළා”‍ - කැනඩාවේ තවත් ඝාතනයක් මාධ්‍ය කළඹයි

”‍මම එයාව සදහටම නිදි කළා”‍ - කැනඩාවේ තවත් ඝාතනයක් මාධ්‍ය කළඹයි

කැනඩාවේ සිදුවූ තවත් අමානුෂික ඝාතනයක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉන්දීය සම්බවයක් සහිත 41 හැවිරිදි වියේ පසුවන Balwinder Kaur නමැති කාන්තාවකි.

 

ඝාතනය සම්බන්ධයෙන් 50 හැවිරිදි වියේ පසුවන ඇයගේ සැමියා වන Jagpreet Singh එරට ආරක්ෂක අංශ විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

 

පිහි ඇනුම් හේතුවෙන් තුවාල ලැබූ කාන්තාව කඩිනමින් රෝහල්ගතකිරීමට පියවර ගෙන තිබුණ ද එහිදී ඇය මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

 

මේ අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව සැකකාර සැමියා සිය මවට වීඩියෝ ඇමතුමක් ලබාගනිමින් මෙම ඝාතනය සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවය.

 

එහිදී "මම එයාව සදහටම නිදි කළා" යනුවෙන් ඔහු පවසා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

 

කැනඩාවේ Abbotsford හිදී මෙම ඝාතනය සිදුව ඇති බව එම වාර්තා සඳහන් කරයි.

 

එසේම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකාර සැමියා මීට සතියකට පමණ පෙර එහි පැමිණ ඇති බවද වාර්තා වෙයි.

 

ඔවුන් අතර අවස්ථා කිහිපයකදී මුදල් ආරවුල් ඇතිවූ බවද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

කෙසේ වෙතත් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති Jagpreet Singhගේ සොහොයුරා පවසා ඇත්තේ ඔවුන් ඉතා ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත්කළ බවය.

 

එසේම මෙම ඝාතනයෙන් පසුව සිය මවට ඇමතුමක් ගෙන සොහොයුරා පවසා ඇත්තේ තමන් අතින් බිරිඳට තුවාල සිදුවූ බවට යනුවෙන් ද  Jagpreet Singhගේ සොහොයුරා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

එරට ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

views

265 Views

Comments

arrow-up