බ්‍රිතාන්‍ය අගමැතිවරිය දිවුරුම් දීම අද

බ්‍රිතාන්‍ය අගමැතිනි එලිසබෙත් ට්‍රස් අද(06) දිනයේ දී ධූරයේ දිවුරුම් දීමට නියමිතයි.
ඉන් අනතුරුව ඇය හෙට(07) බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද නිල වශයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේදී බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරැජින වෙත භාරදීමට නියමිත අතර එය භාරදීමෙන් පසු නව අග්‍රාමාත්‍යවරිය දිවුරුම් දීම ද එම ස්ථානයේ දීම සිදු වෙන බව වාර්තා වනවා.
220 Views
Comments