ට්විටර් කුරුල්ලා වෙනුවට එක්ස් පැමිණෙයි.
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

ට්විටර් කුරුල්ලා වෙනුවට එක්ස් පැමිණෙයි.

ට්විටර් කුරුල්ලා වෙනුවට එක්ස් පැමිණෙයි.

නිල් පැහැති පක්ෂියාගේ අනුරුව සහිත ලාංඡනය වෙනුවට කළු පැහැති පසුබිමක සුදු පැහැති X අක්ෂරය ලාංඡනය ලෙස යොදා ගනිමින් ට්විටර් ප්‍රධානියා එම සමාජ මාධ්‍ය වෙබ් අඩවියේ නව ලාංඡනය එළිදක්වා තිබේ.



සඳුදා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ලින්ඩා යාකරීනෝ ප්‍රකාශ කළේ, "දැන් X ඇවිල්ලා තියෙන්නේ! අපි මේක කරමු," යනුවෙනි.



ටිව්ටර් හිමිකරු ඊලොන් මස්ක්ට අනුව "tweets" ලෙස හැඳින්වූ එහි පළ කෙරුණු සටහන් ඉදිරියේදී "x's" ලෙස හඳුන්වනු ඇත.



මෙම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා සිය ට්විටර් ගිණුමේ ඡායාරූපය සඳහා නව ලාංඡනය යොදා ගෙන ඇති අතර ඔහුගේ ට්විටර් ජීව දත්ත තොරතුරුවලට "X.com" යන්න එක් කර තිබේ.

views

465 Views

Comments

arrow-up