AUG
23
චන්ද්‍රයාන් 3 අද සඳට යයි

ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 අද සඳ මත ගොඩබැසීමට නියමිතයි.
චන්ද්‍රයාන් 3 අභ්‍යවකාශ යානයේ වික්‍රම් රොබෝ ගවේෂණ යානය අද (23) ඉන්දීය වේලාවෙන් පස්වරු 6.04 ට සඳෙහි දක්ෂිණ ධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකට ගොඩ බැස්වීමට බලාපොරොත්තු වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
දැනට සඳ කක්ෂයේ ගමන් කරන වික්‍රම් යානය සඳ මතට ගොඩබෑම ආරම්භ කිරීමට විනාඩි 20ක පමණ කාලයක් ගතවනු ඇති බවද ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසයි.
625 Views
Comments