බංග්ලාදේශය සහ පාකිස්තානය චැම්පියන්ස් කුසලාන තරඟාවලියෙන් ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

බංග්ලාදේශය සහ පාකිස්තානය චැම්පියන්ස් කුසලාන තරඟාවලියෙන් ඉවතට

බංග්ලාදේශය සහ පාකිස්තානය චැම්පියන්ස් කුසලාන තරඟාවලියෙන් ඉවතට

චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම සත්කාකරක පාකිස්තාන කණ්ඩායමට සහ බංග්ලාදේශ කණ්ඩාමට ඉවත් වීමට සිදුවිය. 

 

ඒ ඊයේ බංග්ලාදේශය සමග පැවති තරගයේ කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව සමගය.

 

තරගයෙ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 236ක් ලබාගත්තේය.

 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 46යි එක් පන්දුවක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

 

නවසීලන්ත ඉනිම වෙනුවෙන් රචින් රවීන්ද්‍රා ලකුණු 112ක් ලබා ගැනීමට සමත් වුණි.

 

මේ සමග පාකිස්තාන කණ්ඩායමට සහ බංග්ලාදේශ කණ්ඩායමට තවත් එක් තරගයක් ඉතිරිව තිබීයදීත් චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වීමට සිදුවිය.

මේ වනවිට ඒ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව ඇති අතර, ඒ කාණ්ඩයේ දෙවන ස්ථානයේ ඉන්දීය කණ්ඩායම රැඳී සිටී.

views

88 Views

Comments

arrow-up