ස්විට්සර්ලන්තය පැරදූ පෘතුගාලය අර්ධ අවසන් පූර්ව වටයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
07

ස්විට්සර්ලන්තය පැරදූ පෘතුගාලය අර්ධ අවසන් පූර්ව වටයට

ස්විට්සර්ලන්තය පැරදූ පෘතුගාලය අර්ධ අවසන් පූර්ව වටයට

2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සුපිරි 16 දෙනාගේ තරඟ වටයෙන් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට පෘතුගාලය අද (07) සමත්විය.

 

ඒ ස්විට්සර්ලන්ත කණ්ඩායම සමඟ පැවති තරඟය ගෝල 6ට 1ක් ලෙස විෂිශ්ට ජය ගැනීමත් සමඟයි.

 

පෘතුගාල කණ්ඩායම වෙනුවෙන් තරඟයේ 17, 51 සහ 67 වන මිනිත්තුවල දී G.Ramos විසින් ගෝල 3ක් වාර්තා කිරීමට සමත් විය.

 

තවද තරඟයේ 33 වන මිනිත්තුවේ දී Pepe විසින් ද තරඟයේ 55 වන මිනිත්තුවේ දී R.Guerreiro විසින් ද තරඟයේ 90+2 වන මිනිත්තුවේ දී R.Leao විසින් ද පෘතුගාල කණ්ඩායම වෙනුවෙන් තවත් ගෝල 3ක් වාර්තා කිරීමට සමත් විය.

 

ස්විට්සර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් තරඟයේ 58 වන මිනිත්තුවේ දී M.Akanji විසින් ගෝල‍යක් වාර්තා කිරීමට සමත් විය.

 

ඒ අනුව මෙම ජයත් සමඟ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට පෘතුගාල කණ්ඩායම සමත්විය.

 

views

220 Views

Comments

arrow-up