දකුණු කොරියාව පැරදූ බ්‍රසීලය අර්ධ අවසන් පූර්ව වටයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
06

දකුණු කොරියාව පැරදූ බ්‍රසීලය අර්ධ අවසන් පූර්ව වටයට

දකුණු කොරියාව පැරදූ බ්‍රසීලය අර්ධ අවසන් පූර්ව වටයට

2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සුපිරි 16 දෙනාගේ තරඟ වටයෙන් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට බ්‍රසීලය අද (06) සමත්විය.

 

ඒ දකුණු කොරියානු කණ්ඩායම සමඟ පැවති තරඟය ගෝල 4ට 1ක් ලෙස ජය ගැනීමත් සමඟයි.

 

බ්‍රසීල කණ්ඩායම වෙනුවෙන් තරඟයේ 07 වන මිනිත්තුවේ දී V.Junior පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වූ අතර තරඟයේ 13 වන මිනිත්තුවේ දී Neymar විසින් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් දෙවන ගෝල‍ය ද තරඟයේ 29 වන මිනිත්තුවේ දී Richarlison විසින් තෙවන ගෝල‍ය ද තරඟයේ 36 වන මිනිත්තුවේ දී Lucas Paqueta විසින් සිව්වන ගෝල‍ය ද වාර්තා කිරීමට සමත් විය.

 

දකුණු කොරියානු කණ්ඩායම වෙනුවෙන් තරඟයේ 76 වන මිනිත්තුවේ දී S.H.Paik විසින් ගෝල‍යක් වාර්තා කිරීමට සමත් විය.

 

ඒ අනුව මෙම ජයත් සමඟ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට බ්‍රසීල කණ්ඩායම සමත්විය.

 

views

191 Views

Comments

arrow-up