ස්පාඤ්ඤය පැරදූ මොරොක්කෝව අර්ධ අවසන් පූර්ව වටයට

2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සුපිරි 16 දෙනාගේ තරඟ වටයෙන් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට මොරොක්කෝව සමත්විය.
ඒ ඊයේ (06) ස්පාඤ්ඤ කණ්ඩායම සමඟ පැවති තරඟය ගෝල 0ට 0ක් ලෙස සමවීමෙන් පසුව දඬුවම් පහර 3ට 0ක් ලෙස සාර්ථක කරගනිමින් තරඟය ජය ගැනීමත් සමඟයි.
නියමිත කාලය අවසන් වන විට දෙපිලම ගෝල කිසිවක් ලබාගෙන නොතිබීම හේතුවෙන් තරඟයේ ජය දඬුවම් පහර මත තීරණය කිරීමට සිදුවිය.
ඒ අනුව දඬුවම් පහර තුනක් සාර්ථක කරගත් මොරොක්කෝව තරඟය ජය ගැනීමට සමත් විය.
ස්පාඤ්ඤ කණ්ඩායමට කිසිඳු දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට හැකිවූයේ නැත.
ඒ අනුව මෙම තරඟය ජය ගැනීමත් සමඟ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට මොරොක්කෝ කණ්ඩායම සමත්විය.
219 Views
Comments