ජපානය පැරදූ ක්‍රොඒෂියාව අර්ධ අවසන් පූර්ව වටයට

2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සුපිරි 16 දෙනාගේ තරඟ වටයෙන් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ක්‍රොඒෂියාව සමත්විය.
ඒ ඊයේ (05) ජපාන කණ්ඩායම සමඟ පැවති තරඟය ගෝල 1ට 1ක් ලෙස සමවීමෙන් පසුව දඬුවම් පහර 3ට 1ක් ලෙස ජය ගැනීමත් සමඟයි.
ජපාන කණ්ඩායම වෙනුවෙන් තරඟයේ 43 වන මිනිත්තුවේ දී D.Maeda ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.
ක්‍රොඒෂියා කණ්ඩායම වෙනුවෙන් තරඟයේ 55 වන මිනිත්තුවේ දී I.Perisic විසින් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.
නියමිත කාලය අවසන් වන විට දෙපිලම ගෝල එක බැගින් ලබාගෙන සම තත්ත්වයේ පසුවීම හේතුවෙන් තරඟයේ ජය දඬුවම් පහර මත තීරණය කිරීමට සිදුවිය.
ඒ අනුව දඬුවම් පහර තුනක් සාර්ථක කරගත් ක්‍රොඒෂියාව තරඟය ජය ගැනීමට සමත් විය.
ජපානයට සාර්ථක කරගැනීමට හැකිවූයේ එක් දඬුවම් පහරක් පමණි.
ඒ අනුව මෙම තරඟය ජය ගැනීමත් සමඟ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ක්‍රොඒෂියා කණ්ඩායම සමත්විය.
187 Views
Comments