19න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තවත් සුපිරි ජයක්

කාන්තා 19න් පහළ 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 81කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණි.
තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවි ලකුණු 166ක් රැස්කළාය.
එහිදි කණ්ඩායම් නායිකා මනුදි නානායක්කාර පන්දු 31දි ලකුණු 41ක් ලබා ගැනීමට සමත් වුණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 19 පන්දු 4ක් තුළ සියලුදෙනා දැවි රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 85ක් පමණි.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවු චමෝදි ප්‍රබෝධා කඩුලු 03 ක් දවාගත් අතර ලිමන්සා තිලකරත්න සහ අසෙනි තලගුනේ කඩුල් 02 බැගින් දවාගත්හ.
150 Views
Comments