රන්ජන් මයික් එකෙන් මහ මැතිවරණයට - හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂානුත් එක්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

රන්ජන් මයික් එකෙන් මහ මැතිවරණයට - හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂානුත් එක්වෙයි

රන්ජන් මයික් එකෙන් මහ මැතිවරණයට - හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂානුත් එක්වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා අද(9) කොළඹදී මාධ්‍ය හමුවකදී ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ‘ නමින් සිය නව දේශපාලන පක්ෂය නිල වශයෙන් එළිදැක්වීය.

 

ඒ බව දන්වන්නට රන්ජන් අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ද පැමිණි සිටි අතර ඔහු පසුගිය ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාස දිනවීම වෙනුවෙන් වැඩ කළ අතර ඊට පෙර මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුව වෙනුවෙන් වැඩ කළේය.

 

මයික්‍රෆෝනය ලකුණින් තරග කරන එම පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතය.

 

එම පක්ෂයෙන් රන්ජන් රාමනායක මහතා මහ මැතිවරණය සඳහා ගම්පහින් තරග වැදීමට සූදානම් වන බව වාර්තා වේ.

views

225 Views

Comments

arrow-up