විපක්ෂ නායකගෙන් අභියෝගයක්

පුළුවන් නම් ආණ්ඩු බලයක් නැතිව ජනතාවට වැඩ කර පෙන්වන්නැයි විපක්ෂයේ සිට තමන් ජනතාව වෙනුවෙන් සිදුකරන සේවයට සමච්චල් කරන පිරිසට අභියෝග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සක්වල, හුස්ම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන විට සමාජයේ සිටින සුළු කොටසක් තමන්ට චොදනා කරන බවත් 74 වසරක මෙරට දේශපාලන ඉතිහාසයේ ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය ඉටු කළ සාම්ප්‍රදායික කාර්යභාරයෙන් එහාට ගොස් ජනතාවාදී වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීමට සමගි ජනබලවේගයට හැකි වූ බවත් විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක 42 වන සක්වල වැඩසටහනට යටතේ රුපියල් හතලිස් හයලක්ෂයක් වටිනා බස් රථයක් දැරණියගල සිරි සමන් විද්‍යාලයට පරිත්‍යාග කරමින් ඔහු මේ බව පැවසීය.
206 Views
Comments