OCT
07
“පොදුජන පෙරමුණ සමඟ එකතු වෙන්නේ නැහැ” - මෛත්‍රී
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
කෙසේ වෙතත් ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම හා දිස්ත්‍රික්, ආසන මට්ටමෙන් සංවිධාන කටයුතු පුළුල් කිරීමට ද සාකච්ඡා වූ බව මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.
නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරු ව මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
214 Views
Comments