නව දේශපාලන බලවේගයක් බිහිකිරීමට සාකච්ඡා
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
03

නව දේශපාලන බලවේගයක් බිහිකිරීමට සාකච්ඡා

නව දේශපාලන බලවේගයක් බිහිකිරීමට සාකච්ඡා

ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සමඟ එක්ව නව දේශපාලන බලවේගයක් බිහිකිරීමට සාකච්ඡා එළඹෙන සතියේ සිට ආරම්භකරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

මේ පිළිබඳව වන මුලික වටයේ සාකච්ඡා මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ලංකා කම්කරු පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් සමඟ දැනටමත් ආරම්භ කර ඇතැයිද ඔහු පැවසීය.

 

ඉදිරියේදී ආණ්ඩුව නියෝජනය කරන තවත් පක්ෂ සහ ජාතික බලවේග සමඟ සාකච්ඡා ආරම්භ කරන බවත් ඒ මහතා සඳහන් කලේය.

 

අලුත් අවුරුද්දේ සිට රටට හිතැති නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම සඳහා සැලසුම් සකස් කරන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

views

716 Views

Comments

arrow-up